 |
|
මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගාවන් ආශ්‍රිතව මෙම දිනවල දැකියහැකි හානිකර පළගැටි විශේෂයක් හදුනාගෙන ඇති අතර ගෙවතු ආශ්‍රිතව දැනට මොවුන් විශාල වශයෙන් ව්‍යාප්තවීමේ තත්වයක් දැකිය හැකිය. ඉතා කෙටි කලකින් වගාවන්ට දැඩි හානියක් මොවුන් විසින් සිදුකරන බව ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් හා මාවතගම ප්‍රාදේශීය ලේකම් තුමිය සිදුකල නිරීක්ෂණයෙන් ගම්යවිය, මෙම පළගැටියන් අනෙකුත් ප්රදේශවලටද ව්යප්තවිය හැකි බවට කෘෂිකර්ම පර්යේකයින් අනුතුරු අගවන අතර ඔබගේ වගාවන් ආශ්‍රිතවද මෙම හානිකර පළගැටියන් සිටීදැයි දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් මාවතගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඉල්ලා සිටී. ඒමෙන්ම මේ පිළිබද ඔබට නිරීක්ෂණය වුවහොත් වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීයා හෝ ප්‍රාදේශීය ලේකම්තතුමිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. |