ayubowan1

ආයුබෝවන්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාවතගම

අපගේ දැක්ම

මහජනතාවට විශිෂ්ට සේවාවක් ලබාදීම

අපගේ මෙහෙවර

සම්පත් මැනවින් කළමණාකරණ කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව ජනතාවට සේවය සැපයීම

 

අරමුණු

  • පරිපාලන කටයුතු ඵලදායීව ඉටුකිරීම හා මෙහෙයවීම.
  • මූල්‍ය කළමනාකරණය ඵලදායීව ඉටුකිරීම හා මෙහෙයවීම
  • ඉඩම් රාජකාරී ඵලදායීව ඉටුකිරීම හා මෙහෙයවීම
  • සමාජ සුභසාධන හා සමාජ සංවර්ධන කටයුතු ඵලදායීව ඉටුකිරීම හා මෙහෙයවීම
  • සැලසුම්කරණය හා ආර්ථික සංවර්ධන කටයුතු ඵලදායීව ඉටුකිරීම හා මෙහෙයවීම
  • සේවා ලාභීන්ට උපරිම සේවාලාභී සත්කාරයක් ඉටු කිරීම

අගයන්

  • නිලධාරීන් සතු හැකියාවන්
  • කණ්ඩායම් හැගීම
  • සුහදශීලී සේවාවක් සැපයීම
  • සමානාත්මතාවයෙන් යුතුව සැලකීම
  • රාජකාරී සදහා ඇති කැපවීම
  • මහජන දිනවල දී නිළ ඇදුම භාවිතා කිරීම
  • සේවාලාභී ප්‍රඥප්තියට අනුව සේවා සැපයීම
  • පරිසර හිතකාමී කාර්යාල ලෙස පවත්වාගෙන යාම
  • සේවාලාභී අවශ්‍යතා සදහා ඇති නැඹුරුව
  • රාජකාරී සදහා eතාක්ෂණය භාවිතය
  • නිරන්තරයෙන් නව දැනුම යාවත්කාලීන කිරීම
  • හර පද්ධතිය හා අටවිධි රීතිය අනුව කටයුතු කිරීම

nnnnnnnn copy

මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය

මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු අර්ධයේ පිහිටා ඇත. මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනුත්, දකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙනුත්, නැගෙනහිරින් රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනුත්, බටහිරින් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනුත් වටවී ඇත. කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 107.5 කි. ග්‍රාම නිලධාරී වසම් 71 කින් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමන්විත වේ

මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාලය ලෙස 01-02-1969 දී  ආරම්භ වී ඇත. මාවතගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පැරණි ආයුර්වේද බෙහෙත් ශාලාව තිබූ ස්ථානයේ කාර්යාලය මුලින්ම පිහිටුවා ඇත. එවකට හිරියාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වසම් 04 ක් ඇතුඵව  වසම් 36 කි. පලමු ආදායම් පාලක නිලධාරියා ලෙස ඩබ්.එස්. හුඵගල්ලේ මහතා සේවය කර ඇත. ප්‍රධාන ලිපිකරු ලෙස පී.බී. රාජපක්ෂ මහතා පත්විය ලිපිකරුවන් 05 කි. බයිසිකල් පණිවුඩකරුවෙකුද විය.

මාතා නම් දෙවඟනගේ උපන් බිම වූ නිසා මාවතගම නම්න් ප්‍රසිද්ධ වූ බව සඳහන්ය. විමලධර්මසූරිය රජුගේ පියතුමා විසින් විවේක ගැනීම සඳහා පල්ලියක් ගොඩ නඟා ඇත. එය 1899 දී ඉදිකර ඇති අතර අද මාවතගම රෝමාණු කතෝලික විද්‍යාලය ලෙස හදුන්වනු ලැබේ.

ඵෙතිහාසික තොරතුරු

  • වෑඋඩ කුරුවාලෙන විහාරය

වෑඋඩ කුරුවාලෙන විහාරය වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දකි. මකුළාන රජමහා විහාරය 11 වන දප්පුල රජතුමා විසින් ගිරිහඩු සෑයේ ආකෘතිය අනුව දර්ශනීය ගල් තලාවක පිහිටුවා ඇත.

  • ඉඟුරුවත්ත ටැමිපිට විහාරය

මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරය සම්බන්ධ ලිඛිත සාක්ෂි නොමැති අතර අඟනා බිතුසිතුවම් සහිතය.

  • දිගම්පිටිය ටැම්පිට විහාරය

මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇත

වෑඋඩ, මීතැන්වල, මලන්දෙණිය මාවතගම ප්‍රදේශයේ  පැවති ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ බලපෑමයි. මේ හා සමගාමීව මුස්ලිම් ආගමික ප්‍රබෝදයක් ද ඇති විය. ඉංග්‍රීසි සමයේ යුක්තිය පසිදලීම සඳහා පිලැස්ස ගම්බද උසාවිය බිහිවීම ඓතිහාසික සිද්ධියකි. එය දැනුදු ක්‍රියාත්මකය. කුරුණැගල නගරයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය ප්‍රදේශයේ උසම කන්ද වූ දර්ශනීය හදුරුක් කන්දේ පිහිටීම අතිශයින්ම වැදගත්ය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 80% ක් පමණ  වන වර්තමාන ගොවීන්ගේ ප්‍රධාන ජිවන මාර්ගය වී ගොවිතැන හා  ගොඩ ගොවිතැනයි. යල  හා මහ කන්නය සැසදීමේදී ශ්‍රම ගැටළුව මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනයේදී ජල හීනතාවයත් පැවතිය හැකිය. ජල හිඟය විශේෂයෙන් යල් කන්නයේය. ගොවිතැන අත්හැර දැමීම රැකියා හිඟය වැඩි කරයි. වී ගොවිතැන් කළ හැකි හෙක්ටයාර් 1618 ක් පමණ වූ කුඹුරු ඉඩම් ප්‍රමාණය 2017/2018 මහ කන්නයේ වී වගා බිමි ප්‍රමාණය 1185 ක් ද 2018යල් කන්නයේදී හෙක්ටයාර් 1168 ක් දක්වා ප්‍රමාණයකට සීමා වේ. ප්‍රධාන ගොඩ භෝග වශයෙන් පොල්, රබර්, කෙසෙල්, රඹුටන්, කොස්, දෙල් මෙම ප්‍රදේශයේදැකගත හැකි වේ. විශේෂයෙන් මැදගම්ගොඩ, වම්බුගම්ගොඩ,මීපල්ලේගම ප්‍රදේශය රඹුටන් ගම්මාන වශයෙන් හදුනාගත හැක.  එසේම අලිපේර ජමිබු අඔ යන පලතූරු කොට්ඨාශය පුරාම දැකගත හැකිය.

මාවතගම කොට්ඨසය තුළ විශාල පරිමාණයේ කර්මාන්තශාලා පිහිටි කර්මාන්තපුරයක් පිහිටා ඇත. ෆවුන්ඩේෂන් ගාමන්ට්, ටයිමෙක්ස් ගාමන්ට්ල,යුනිචෙල්ලා. යන කර්මාන්තශාලා තුළ වැඩ කරන සේවක සංඛ්‍යාව 6166 කි. එසේම වයඹ ප්‍රින්ට් පැක් ආයතනයේ සේවක සංඛ්‍යාව 91 කි. යුනයිටඩ් බෘවරිලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සේවක සංඛ්‍යාව 132 ක් පමණ සේවය කරයි.ටුබෑකෝ ප්‍රොසෙනින් ආයතනයේ සේවක සංඛ්‍යාව 30 කි.  මෙම කර්මාන්තශාලාවලින්  වැඩි ප්‍රමාණයක ඇගළුම් නිෂපාදනය කරයි.  වයඹ ප්‍රින්ට් පැක් ආයතනය බෑග් මුද්‍රණය කරයි. යුනයිටඩ් බෘවරිලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය බීර නිෂ්පාදනය කරයි. ප්‍රදේශයේ තරුණ තරුණියන් මෙන්ම දුර ප්‍රදේශයේ  සිට පැමිනෙන තරුණ තරුණියන්ද යොදා ගනිමින් කර්මාන්ත ශාලා පවත්වාගන යයි. මෙවැනි කර්මාන්ත ශාලාවල රැකියා අවස්ථා ඇතිවිමෙන් ප්‍රදේශයේ තරුණතරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසදුමක් ලැබේ

 

1968 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩබ්.එස්. හුඵගල්ලේ 1968 1970
සිරිපාල මැදවල 1970 1975
ඒ.එම්.එල්.බී. පොල්ගොල්ල 1975 1976
ඊ.එස්.එස්. එදිරිසිංහ 1977 1977
ඩබ්. ගොඩවෙල (ආවරණ) 1977 1979
නිමල් අත්තුඩාව 1979 1981
ඩී.එම්.පී.බී. දසනායක 1981 1991
එච්.එම්. ගුණතිලක 1992 1993
එච්.පී.බී.පී. හියරාපිටිය 1994 1999
ආර්.එම්.එස්.බී. රත්නායක 2000 2002
ආර්.එම්.පී.බී. රාජපක්ෂ 2000 2002
ශෛා්කා ස්වර්ණලතා 2002 2007
නිමල් කොටවෙලගෙදර 2007 2007
යූ.ජී.ආර්. ආරියරත්න 2007 2010
නිමල් කොටවෙලගෙදර 2010 2010
ඊ.එම්.එම්.එස්. ඒකනායක 2010 2015
එම්.එම්.ඒ.බී. මහවත්ත 2015 2018
ඊ.ඒ.එස්. එදිරිසිංහ 2018 2020
ඩී.පී.එස්. කුමාර 2020 2020
එම්.එස්. ජානක 2021 2025
ඩී.පී.එස්. කුමාර 2025 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය...

23
ජූනි2026
CITIZEN MIRROR - 2025 තරඟාවලිය

CITIZEN MIRROR - 2025 තරඟාවලිය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු ...

Scroll To Top