සේවා ගාස්තු
මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දෙන විවිධ සේවාවන් සදහා රජයේ අනුමත ගාස්තු
ජාතික හැදුනුම්ත් නිකුත් කිරීම සදහා ගාස්තු
මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම
- මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු.200.00
- සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00
- වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට වසරක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500.00
- පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකයනිකුත් කළ දින සිට මාස 06 ක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500.00
ජාතික හැඳුනුම්පතක් සංශෝධනය කරගැනීම
- සංශෝධිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු.500.00
- සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00
ද්විත්ව පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
- ද්විත්ව පුරවැසියන් 19(2) සඳහා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේදී ගාස්තු අය කිරීම රු.200.00
- ද්විත්ව පුරවැසිභාවය ලබාගත් දිනයේ සිට ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කරන දිනය අතර කාල සීමාව මාස 06 ඉක්මවා ඇත්නම්, රු.2500.00
- සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පතක් යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
- එක්දින සේවා ගාස්තුව රු.2000.00
- මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු.200.00
- සංශෝධිත ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම රු.500.00
- නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම රු.1000.00
- වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට වසරක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500.00
- පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත්කළ දින සිට මාස 06ක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500.00
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ ගාස්තු
වාහන ආදායම් බලපත්‍ර ගාස්තු විස්තරාත්මකව දැන ගැනීම සදහා මෙතනින් ක්ලික් කරන්න.
රෙජිස්ට්‍රාර් අංශයේ සේවාවන් සදහා ගාස්තු.
- උප්පැන්න, මරණ හා විවාහ සහතිකයක් ලබා ගැනීමේ ගාස්තුව(උපන් දිනය හෝ අංකය ඇත්නම්) - රු.120.00
- උප්පැන්න/මරණ /විවාහ සහතිකයක් ලබා ගැනීමේ ගාස්තුව (උපන් දිනය හෝ අංකය නොමැතිනම්) -රු.250.00
- උප්පැන්න සහතිකයේ තොරතුරු සංශෝධනය - රු. 60.00
- කල් ඉකුත් වූ උපත්/මරණ ලියාපදිංචිය - රු. 60.00
අනෙකුත් සේවාවන් හා අනුමත ගාස්තු
- පස්/බොරළු කියුබ් එකක් සදහා - රු. 461.31
- වැලි කියුබ් එකක් සදහා - රු.1027.11
- දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම - රු. 236.00
- දැව ප්‍රවාහන බලපත්‍රයක් සංශෝධනය කිරීම - රු. 118.00
- ආදායම් හා වටිනාකම් සහතිකයක් ලබා ගැනීමේ ගාස්තුව - වාර්ෂික ආදායමෙන් 1.27%
- සතුන් ප්‍රවාහන බලපත්‍ර - එක් සතෙකුට රු. 50.00
- මීරා බලපත්‍ර - එක් ගසකට රු.50.00 (වර්ෂයකට)













